Trending Newsඑසැන පුවත්දේශීය

අරගලකරුවන් විසින් විනාශ කළ, මැති ඇමති නිවාස සඳහා ගෙවූ වන්දි යළි අයකර ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ගාලුමුවදොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමෙන් පසු රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී නිවාස සහ දේපළවලට සිදුවූ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරු පිරිසකට පසුගිය ආණ්ඩුව විසින් මහජන මුදල් වන්දි වශයෙන් ගෙවා ඇති බවට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නොවැම්බර් 13 වන දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රවින්ද්‍රනාත් දාබරේ විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, මෙම වන්දි ගෙවීම් වලදී මහජන මුදල් අවභාවිතා වී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, නීති විරෝධී ලෙස ගෙවා ඇති මුදල් නැවත අයකර ගැනීමට නියම කරන ලෙසයි.

මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

Related posts

Lebanon calls for ban of Wonder Woman 2017

Mohamed Dilsad

Major General Amal Karunasekara Granted Bail

Mohamed Dilsad

பொலிஸ் சோதனைச் சாவடிகளை இலக்குவைத்து குண்டுத் தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment