Trending Newsඑසැන පුවත්දේශීය

ලංකා මිනරල් සෑන්ඩ්ස් සභාපති ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු වෙච්ච දේ

ලංකා මිනරල් සැන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී. අශෝක පීරිස්, පූර්ව දැනුම් දීමකින් තොරව ඉවත් කිරීම ට අදාළ ප්‍රවත, අනිද්දා වෙබ් අඩවිය වාර්තා කිරීමෙන් පසු ‘අනිද්දා ‘ පුවත්පත මිලදී ගැනීම සඳහා එම ආයතනය ලබාදී තිබූ ඇණවුම අත්හිටුවා තිබෙන බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ජුලි 08 දින ලංකා මිනරල් සැන්ඩ්ස් ආයතනයේ පාලන හා මානව සම්පත් කළමනාකාර බී.ඒ.හේමලතා විසින්, අනිද්දා බෙදා හැරීම් කළමනාකරුට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ 2025 වර්ෂය සඳහා අනිද්දා පුවත්පත මිලදී ගැනීම සඳහා ලබාදුන් ඇණවුම 2025.07.09 දින සිට අත් හිටුවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බවයි.

එබැවින් 2025.07.09 දින සිට සිට එම පුවත්පතට අදාළව ගෙවා ඇති මුදල ලංකා මිනරල් සැන්ඩ්ස් සමාගම වෙත නැවත ප්‍රතිපූර්ණය කිරීමට කටයුතු කරන ලෙසටත් එම ලිපියෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලංකා මිනරල් සැන්ඩ්ස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ ටී. අශෝක පීරිස් ව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති විසින්, පසුගිය දා ඉවත් කර තිබිණ,

Related posts

තැපැල් ඡන්ද අයදුම් පත් බාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

President met Ministry Secretaries

Mohamed Dilsad

ரம்புட்டான் செய்கைத் திட்டம் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment