Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් අසීරු හා තීරණාත්මක පියවරයන් රටේ වත්මන් සාර්ථකත්වයට හේතු වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි.

රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී මහින්ද සිරිවර්ධන මහතා ඒ් බව කීවේය.

සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේ, ආර්ථිකය දුෂ්කර තත්ත්වයක පැවති සමයේ ජනාධිපති වික්‍රමසිංහ මහතා තම දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා, රට වෙනුවෙන් අවශ්‍ය අසීරු තීන්දු ගැනීමට නොපසුබටව කටයුතු කළ බවයි. “එම තීන්දු තීරණ නොගන්නට මේ සාර්ථකත්වය ගිලිහී යන්නට තිබුණා,” යැයි ඔහු ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සාකච්ඡා අතරතුරදී බොහෝ අවස්ථාවල ජනාධිපති වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවද සිරිවර්ධන මහතා සිහිපත් කළේය.

එමෙන්ම, රටවල් සමඟ කටයුතු කළ ආකාරය ඇතුළුව, ඔහු සමඟ කටයුතු කළ කාලය තුළ බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් කෙරෙහි විශ්වාසය තබා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ සිරිවර්ධන මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය තුළ බොහෝ තීන්දු තීරණ ගනු ලැබුවේ ඔහු විසින් බවද පැවසීය.

වත්මන් සාර්ථකත්වයට එය ප්‍රධාන හේතුවක් වූ අතර, තමන්ද එම අත්දැකීම් තුළින් බොහෝ දේ උගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව, මෙතෙක් පවත්වාගෙන පැමිණි ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය “විශිෂ්ට තීරණයක්” බවද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

2019 දී වැඩපිළිවෙල වෙනස් කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය සිහිපත් කළ ඔහු, නායකයෙකු ලෙස ජනාධිපති දිසානායක මහතා එය තේරුම් ගෙන පවත්වාගෙන ආ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඓතිහාසික තීන්දුවක් බව පැවසීය.

එම අවස්ථාවේදී ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන, විවිධ රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වූ බවද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.

Related posts

Army Commander discusses vital issues with Northern Chief Minister

Mohamed Dilsad

Supreme Council of the Muslim Congress to convene today

Mohamed Dilsad

பிக்பாஸ் வீட்டில் யாஷிகா ஆனந்திற்கு நடந்த சோகம்

Mohamed Dilsad

Leave a Comment