Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කල් යයි…?

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බව නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

ඉන්ධන මිල අද (01) අලුයම සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ  නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි. 

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්  ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි. ඔක්ටේන් 95 පෙට්‍රල්  සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත. 

Related posts

Bogosian joins Sandler in Safdie’s “Gems”

Mohamed Dilsad

වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන වූ පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

සාගර කාරියවසම් ට අලුත් තනතුරක්

Mohamed Dilsad

Leave a Comment