Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මෙන්ඩිස් සමාගමට නඩු

රජයට අයවිය යුතු රුපියල් 1,035,473,988 ට අධික වැට් බදු නොගෙවා පැහැර හරින ලදැයි පැවසෙන සිද්ධියකට අදාළව මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්ට හා ඇන්තනි රන්දෙව් ජිනේන්ද්‍ර ජෝන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය 30දා නියෝග කළාය.

වග උත්තරකරුවන් 2019 හා 2020 වර්ෂවලට අදාළ රුපියල් 1,035,473,988.47 ක වැට් බදු මුදලක් රජයට නොගවා පැහැර ඇති බැවින් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය එසේ නියම කෙරිණ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙරද වැට් බදු නොගැවීම සම්බන්ධයෙන් එම සමාගමකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර ඒ අනුව ඔවුන්ට මාස හයක සිර දඬුවම් විඳීමට ද සිදු විය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩුවක් දමයි

Editor O

வனவிலங்கு துறை அதிகாரிகள் அர்ப்பணிப்பு கடமையில் இருந்து விலகல்

Mohamed Dilsad

Showers expected in several areas today – Met. Department

Mohamed Dilsad

Leave a Comment