බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා සභාපති සහ උපසභාපති තෝරා ගැනීම පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් බද්දේගම නගර සභා ශාලාවේදී 30 වෙනිදා පැවැත්වින.
එහිදි සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයෙන් ඩිලාන් කීඹියහෙට්ටි මහතාගේ නම යෝජනා වූ අතර, ජාතික ජනබලවේගයෙන් ලලිත් සේනානායකගේ නම යෝජනාවිය. ඒ අනුව ඡන්ද ක්‍රමය තීරණ කිරීම සඳහා රහස්‍ය ඡන්දයක් පැවැත්වින. එහිදී රහස්‍ය ඡන්දයක් සඳහා 22 දෙනෙක් කැමත්ත පළ කළ අතර, විවෘත ඡන්දයක් සඳහා 11 දෙනෙක් කැමැත්ත පළ කර තිබිණ. එක් ඡන්දයක් ප්‍රතික්කේෂ්ප විය.
ඒ අනුව රහස්‍ය ඡන්දයක් පවත්වන බවට නිල වශනේ නිවේදනය කෙරිණ.
රහස්‍ය ඡන්දයෙන් සමගි ජන බලවේගයේ ඩිලාන් කීඹියහෙට්ටි මහතා ඡන්ද 12ක් ලබාගත් අතර, ඡන්ද 19ක් ලබාගත් ජාතික ජනබලවේගයේ ලලිත් සේනානායක මහතා බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.
සභිකයින් 35 දෙනාගෙන් ජන අරගල සන්ධානය නියෝජනය කරන පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමි සහ සර්වජන බලයේ අමල් ඉන්දික සහ උදාර සම්පත් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එක් ඡන්දයක් ප්‍රතික්කේෂ්ප විය.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කොමියුනිස්ට් පක්ෂයේ සමන් සී ලියනගේ මහතා නිතරඟයෙන් පත්විය.
