Trending Newsඑසැන පුවත්දේශීය

ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තියෙන් ලොකු පිම්මක් පනී

2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලය එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70%ක් මෙම මාසය වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගෙන ඇත. 

අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් මෙම මාසයේ පෙන්වා ඇති තත්ත්වයක් යටතේ මෙය සම්පූර්ණ කරගෙන තිබීම සුවිශේෂිය. මෙරට විදුලිබල සැපයුම 100% ක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනයවීමක් පෙන්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.

එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරන බවද එහි සඳහන් වේ.

Related posts

පොලීසිය ඉල්ලූ පමණින් යම් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරු නියෝග නොදිය යුතුයි : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුවිශේෂ තීන්දුවක්

Editor O

Batticaloa Uni. to come under Higher Education Ministry

Mohamed Dilsad

ආපදා සහන ලබා ගැනීමට අවශ්‍ය අය, ඇමතිය යුතු දුරකථන අංක මෙන්න

Editor O

Leave a Comment