Trending Newsඑසැන පුවත්දේශීය

ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තියෙන් ලොකු පිම්මක් පනී

2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලය එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70%ක් මෙම මාසය වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගෙන ඇත. 

අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් මෙම මාසයේ පෙන්වා ඇති තත්ත්වයක් යටතේ මෙය සම්පූර්ණ කරගෙන තිබීම සුවිශේෂිය. මෙරට විදුලිබල සැපයුම 100% ක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනයවීමක් පෙන්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.

එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරන බවද එහි සඳහන් වේ.

Related posts

10 கிலோ கேரளா கஞ்சாவுடன் மூவர் கைது

Mohamed Dilsad

ரூபாவின் பெறுமதி உயர்வு…

Mohamed Dilsad

பசிலுக்கு எதிரான வழக்கு மார்ச் 28 ஆம் திகதி முதல் ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment