Trending Newsඑසැන පුවත්දේශීය

සජින් වාස්ට ඇප

රුපියල් ලක්ෂ 369 ක ආදායම් බදු නොගෙවීමට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අද (26) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකාර සජින් වාස් ගුණවර්ධන සිය නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.

ඉන් අනතුරුව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියම කළේය.

ව්‍යාපාරිකයෙකු වූ  වාස් ගුණවර්ධන මහතා 2010-2012 වර්ෂවලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන්  දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී මෙම නඩු පවරා තිබිණ.

Related posts

දළ පුට්ටුවාගේ ඝාතනයට සම්බන්ධ 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Adverse weather: Schools in 8 Districts to be closed until Friday

Mohamed Dilsad

බලපිටිය – ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment