Trending Newsඑසැන පුවත්දේශීය

බිංගිරිය, පාතහේවාහැට, අරණායක සභාවල බලය සමගි ජනබලවේගයට

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සහ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය ස්ථාපිත කිරීමට සමඟි ජන බලවේගයට හැකිව තිබේ.

සභාපති තෝරාපත් කරගැනීමට අද (19) ජන්ද විමසීම් වලදී එම ජයග්‍රහණයන් තහවුරු කරගත් බවයි සමඟි ජන බලවේගය නිවේදනය කරන්නේ. ඒ අනුව බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කමල් විශ්වනාත් මහතා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්ව ඇත.

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රාජනායක මහතා සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

මේ අතර, අරණායක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවමින් සමගි ජන බලවේගයේ එම්.පී. මංජුල සෙනවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපතිවරයා වශයෙන් අද (19) තෝරා පත්කර ගැනුණි.

උප සභාපති තෝරා පත් කරගැනීම විවෘත ඡන්ද විමසීමකින් තොරව සර්වජන බලය පක්ෂයේ ජී.ඩබ්ලිව්. ඉරේෂා මහත්මියගේ නම් යෝජනා වීමෙන් අනතුරුව ඇය නිතරගයෙන් පත් වුණි.

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය අරණයාක ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රී ධුර 13ක් ලබාගනිමින් ජය හිමි කරගැනීමට සමත්වී තිබුණි.

අරණායක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම සබරගමුව පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පී.ඩබ්. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්විම් ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණි.

සභාවේ සභාපති ලෙස රෝහණ දිලිප් කුමාර ප්‍රනාන්දු මහතාගේ නම ජාතික ජන බලවේගය වෙනුවෙන් මන්ත්‍රි අකිල සුදේශ් බණ්ඩාරවත්ත මහතා යෝජනා කරතිබූ අතර එම පක්ෂයේම කසුන් ප්‍රසාද් උඩදෙනිය මහතා යෝජනාව ස්ථිර කර තිබුණි.

සමගි ජන බලවේගයෙන් සභාපති ලෙස මංජුල සෙනවිරත්න මහතාගේ නම එම පක්ෂයේ මන්ත්‍රි තුසිත අබේරත්න මහතා විසින් යෝජනා කළ අතර මන්ත්‍රි අමිල තිවංක ගුණතිලක මහතා එම යෝජනාව ස්ථිර කරන ලදි. 

එහිදී ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය, සර්වජන බලය, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදී තිබුණි.

ජාතික ජන බලවේගයේ අපේක්ෂයා ඡන්ද 13ක් පමණක් හිමි කරගත් අතර ජන අරගල පක්ෂයේ මන්ත්‍රිවරයා ඡන්දය ලබාදීමෙන් වැලකී තිබුණි.

Related posts

රවී ඇතුළු 7 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මාර්ගවල ධාවන තරඟ පවත්වන්නන්ට අද සිට වැඩ වරදියි

Mohamed Dilsad

Sri Lanka keen on adopting an Aadhaar-like mass digital initiative

Mohamed Dilsad

Leave a Comment