Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට ආනයනය කරන ලද භාවිතා කළ වාහන සඳහා 15%ක බදු අඩුකිරීමක් හේතුවෙන් දින තුනකට රු මිලියන 257ක පාඩුවක් සිදුව ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මැයි 21,22, 23 යන දිනයන්හිදී ගෙන්වන ලද වාහන අතුරින් අහඹු ලෙස ගත් වාහන නියැදියෙන් මෙම පාඩුව වාර්තා වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර ආනයනය කර තිබෙන භාවිතා කරන ලද වාහන 194න් 171ක් කිලෝ මීටර 1000ට අඩුවෙන් භාවිතා කරන ලද ඒවා බවත් මෙලෙස දින තුනකට අදාළව ගෙන්වන ලද වාහනවලින් 15%ක් අඩු කිරීමෙන් රජයට සිදුව ඇති පාඩුව බරපතල හෙයින් මේ ගැන නැවත සලකා බලමින් සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. රජයේ මුදල කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

Related posts

தென்னாபிரிக்க அணி முதலில் களத்தடுப்பில்…

Mohamed Dilsad

200 பட்டதாரி மாணவர்களுக்கு அடுத்த வருடம் சுயதொழில்வாய்ப்பு ஊக்குவிப்புக் கொடுப்பனவு

Mohamed Dilsad

අද සිට අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ

Mohamed Dilsad

Leave a Comment