Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය නිලධාරීන්ට පහර දුන්නොත් දැඩි පියවර ගන්නවා.

රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය පවසනවා. ඒ, පසුගිය දිනක වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට හිටපු මන්ත්‍රිවරයකුගේ සමීපතමයකු පහරදීමට උත්සාහ කිරිමේ සිදුවීමත් සමගයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍ය  මහාචාර්යය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජකාරි වේලාව තුළදී පුත්තලම ප්‍රදේශයේ, වන අලි අභය භූමියට පලවා හැරි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අදාල මන්ත්‍රිවරයාගේ සමීපතමයා පහර දීමට උත්සහ කර ඇති බවයි.

වනජීවි නිලධාරීවරයා සතුව තිබී අලි පළවා හැරීමට භාවිතා කරන රාජකාරි ගිනි අවිය ද පැහැර ගැනීමට සැකකරු උත්සහ කර තිබෙනවා.

ඒ අනුව එම සිදුවීම් පාදක කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් හා රාජකාරියට බාධා කිරිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර අදාල පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Related posts

Economic Council to revive trade relations between Sri Lanka and the Philippines

Mohamed Dilsad

ACMC Party Leader Minister Bathiudeen calls for stability

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment