Trending Newsඑසැන පුවත්දේශීය

යුරෝපා පාර්ලිමේන්තුවේ තරුණ සම්මේලනයට කාවින්ද එක්වෙයි.

ආසියානු කලාපයේ භූ දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති විශේෂ සාකච්ඡාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහභාගී විය. ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලනය සහ ලෝක බලවතුන් අතර තිබෙන විශේෂ සබඳතාත් ඒවා ඉන්දු පැසිෆික් කලාපයටත් යුරෝපයටත් බලපාන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව, භූ දේශපාලන වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝකයේ බලශක්ති සඳහා අවශ්‍ය කරන නැව් වලින් 70%ක් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ගමන් කරනු ලබයි. තවද, කලාපය තුළ ලෝක ජනගහනයෙන් බිලියන 1.4ක් ද, ලෝක ජනගහනයෙන් 65% ක් ද අප කලාපය මගින් දායකත්වයක් දක්වනු ලබයි.

ලංකාව නොබෙදි රාජ්‍යය පිළිවෙතක් අනුගමනය කරන අතර ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ තිබෙන සහ සම්බන්ධතාවය පිළිබඳවද මෙම සමුළුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන්.

Related posts

Sri Lankan files Police complaint over racial abuse in UK

Mohamed Dilsad

தொழிற்சங்க போராட்டத்திற்கு தயாராகும் புகையிரத ஊழியர்கள்

Mohamed Dilsad

ඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි.

Editor O

Leave a Comment