Trending Newsඑසැන පුවත්දේශීය

යුරෝපා පාර්ලිමේන්තුවේ තරුණ සම්මේලනයට කාවින්ද එක්වෙයි.

ආසියානු කලාපයේ භූ දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති විශේෂ සාකච්ඡාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහභාගී විය. ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලනය සහ ලෝක බලවතුන් අතර තිබෙන විශේෂ සබඳතාත් ඒවා ඉන්දු පැසිෆික් කලාපයටත් යුරෝපයටත් බලපාන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව, භූ දේශපාලන වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝකයේ බලශක්ති සඳහා අවශ්‍ය කරන නැව් වලින් 70%ක් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ගමන් කරනු ලබයි. තවද, කලාපය තුළ ලෝක ජනගහනයෙන් බිලියන 1.4ක් ද, ලෝක ජනගහනයෙන් 65% ක් ද අප කලාපය මගින් දායකත්වයක් දක්වනු ලබයි.

ලංකාව නොබෙදි රාජ්‍යය පිළිවෙතක් අනුගමනය කරන අතර ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ තිබෙන සහ සම්බන්ධතාවය පිළිබඳවද මෙම සමුළුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන්.

Related posts

புகையிரத தொழிற்சங்கங்கள் திடீர் வேலை நிறுத்தம்

Mohamed Dilsad

16th annual National Olympic Academy from Nov 22

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment