Trending Newsඑසැන පුවත්දේශීය

මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂක වැටට අලි ගහයි

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබේ.

එම රැස්වීම ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර, එහිදී මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, වනඅලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙනි.

ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙයංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ.

තවදුරටත්, ආරක්‍ෂිත වැටට සිදුව ඇති හානි කඩිනමින් අලුත්වැඩියා කිරීමටත්, අනාගත එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා දිගුකාලීන තිරසාර විසඳුම් සකස් කිරීමේ ඇති වැදගත්කම ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම සාකච්ඡා සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම සමඟ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

මෙම සියලු පාර්ශවයන් ආරක්‍ෂිත වැට ශක්තිමත් කිරීම කෙරෙහිත් වන සතුන් ප්‍රදේශයේ ගමන් කරන ආකාරය ගැන සලකා බලමින් වැටෙහි ව්‍යුහාත්මක අඛණ්ඩතාව වැඩිදියුණු කිරීම කෙරෙහිත් මෙහිදී අවධානය යොමු කර තිබේ.

ස්වභාවික වාසස්ථානවලට බාධා නොකර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සහ ක්‍රියාශීලී ප්‍රවේශයක අවශ්‍යතාවය ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර,  විසඳුම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සම්බන්ධ වන සියලුම ආයතන අතර අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

Related posts

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

Mohamed Dilsad

இலங்கை குறித்த முதலாவது விவாதம் இன்று

Mohamed Dilsad

CPPBOA to launch a strike today

Mohamed Dilsad

Leave a Comment