දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග කොටුකරයි

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව වාර්තාවේ.

එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුළුවීමට අවසර ලබාදෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාවයක් වැළැක්වීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට නෙළුම් මාවත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාහන ධාවනයට අවහිර කර ඇතැයි ද අප වාර්තාකරුවන් කියා සිටියේය.

ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද රියන්දුරන් ට දැනුම්දෙයි.

මේ වනවිට ගලදාරී හෝටලය ආසන්නයේ මාර්ගය පොලීසිය විසින් මේ වනවිට මාර්ග බාධක යොදමින් සිටින බව ද වාර්තා වේ.

Related posts

විග්නේෂ්වරන්ගේ නව සන්ධානයේ ප්‍රථම රැස්වීම අද

Mohamed Dilsad

විපක්ෂයේ පක්ෂ නායකයෝ විශේෂ සාකච්ඡාවක

Editor O

චීනයෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

Editor O

Leave a Comment