Trending Newsඑසැන පුවත්දේශීය

ප‍්‍රදේශීය සභාවලට පළපුරුදු නැති සභාපතිලා පත් කළොත් ‌විය හැකි දේ ගැන එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්

පළාත් පාලන ආය­ත­න­වල සභා­පති ධුර සඳහා පළ­පු­රු­ද්දක් නොමැති නියෝ­ජි­ත­යන් පත් කළොත් පාර්ලි­මේ­න්තුව තුළ සිදු වූ දෙයම පළාත් පාලන ආය­ත­න­ව­ලත් සිදු වන බව එක්සත් ජාතික පක්ෂ සභා­පති, හිටපු ඇමැති වජිර අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

ඒ මහතා මේ අද­හස් පළ කළේ මාප­ල­ගම ප්‍රදේශයේදී මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමිනි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

“පළාත් පාලන ආය­ත­න­වල ආණ්ඩු පක්ෂය සහ විප­ක්ෂය කියලා දෙකක් නෑ. පළාත් පාලන ආය­තන සඳහා මහ­ජන නියෝ­ජි­ත­යන් පත් කළාට පසු බහු­ත­රයේ කැමැත්ත අනුව ක්‍රියා කළ යුතුව තිබෙ­නවා. පළාත් පාලන ආය­ත­න­වල හිටපු නියෝ­ජි­ත­යන් බොහො­ම­යක් ඉන්නවා. මේ තන­තු­රු­ව­ලට පත් කළ යුතු වන්නේ පළ­පු­රුද්ද තිබෙන අය. නැති­නම් වෙන්නේ පාර්ලි­මේ­න්තු­වට වූ දෙය­මයි. පළ­පු­රු­ද්දක් නොමැති කණ්ඩා­ය­මක් පාල­නය භාර ගත්තාම ආර්ථි­කය ගෙන යන්න බෑ කියලා දේශ­පා­ලන න්‍යායක් තිබෙ­නවා.

ඒ නිසා පළාත් පාලන ආය­ත­න­ව­ලට පළ­පු­රුදු කෙනෙක් සභා­පති ධුරයේ කට­යුතු කරන ගමන් උප­ස­භා­පති ධුර­යට නවක කෙනෙක් පත් කර ගත යුතුයි. එසේ වුව­හොත් බාධා­ව­කින් තොරව එම සභා­වල කට­යුතු කර­ගෙන යා හැකි බව අපේ විශ්වා­ස­යයි.

මම පළාත් පාලන ඇමැ­ති­ව­ර­යාව සිටි­යදී ගාල්ල දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන ආය­තන සිය­ල්ලක්ම තිබුණේ පොහො­ට්ටුව සතුව. නමුත් මම පොහො­ට්ටුවේ සභා­ප­ති­ව­රුන් සහ උප­ස­භා­ප­ති­ව­රුන් සිය­ල්ල­ටම එන්න කියලා අමා­ත්‍යාං­ශ­යෙන් ඒ ඒ පළාත් පාලන සඳහා වෙන් කර තිබූ මුදල් ජන­තා­වගේ සුබ­සි­ද්ධි­යට යොද­වන්න කියලා උප­දෙස් දුන්නා. එහෙම නැතිව ආණ්ඩුව තමන්ගේ බලය අනුව ක්‍රියා කිරීම නෙමෙයි සිදු විය යුත්තේ. ආණ්ඩු පක්ෂයේ නොවන අයකු පළාත් පාලන ආය­ත­නයේ සභා­පති ලෙස පත් වුණොත් එම පළාත් පාලන ආය­ත­න­යට මධ්‍යම ආණ්ඩු­වෙන් මුදල් අනු­මත නොක­රන බවට ආණ්ඩු­වට කියන්න බෑ. පළාත් පාලන ආය­තන සඳහා මුදල් වෙන් කිරී­මේදී ඒවාට වෙනම ක්‍රම­වේ­ද­යක් තිබෙ­නවා. ඒ ආකා­ර­යට ඒ ආය­තන ක්‍රියා­ත්මක විය යුතුයි.”

ශිරෝමි අබ­ය­සිංහ

Related posts

மணித்தியாலத்தில் குப்பைகளை அகற்ற நடவடிக்கை எடுக்கப்படும் ஹட்டன் ஆர்பாட்டத்தில் தொண்டமான் உறுதியையடுத்து ஆர்பாட்டம் கைவிடப்பட்டது கடைகள் அடைப்பு போக்குவரத்தும் தடை

Mohamed Dilsad

Injured Kusal Perera ruled out of first two ODIs

Mohamed Dilsad

කොවිඩ් මර්දන එන්නත්කරණය 400 කට වැඩි මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment