Trending Newsඑසැන පුවත්දේශීය

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගම් 04ක් වැඩ වර්ජනය අතහැරියත්, එක් සංගමයක් තවමත් වර්ජනයේ

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කෙරුණි. සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසීය.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවය. එහෙත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු සඳහන් කළේය.

සම සෞඛ්‍ය ගැටලුව, උසස්වීම් ප්‍රමාදය, වැටුප් විෂමතා ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙරේදා (05) උදෑසන 8ට එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබුණි.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණි. එවන් පසුබිමක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වර්ජකයින් තීරණය කළේ අදාළ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් නොවන බව පවසමිනි. කෙසේවෙතත් සංගම් 5න් සංගම් 4ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

Related posts

ඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

Body recovered from plane wreckage identified as Cardiff player Sala

Mohamed Dilsad

கிளிநொச்சியில் தொடர்ச்சியாக வர்த்தக நிலையங்கள் உடைப்பு,பொலீஸார் மீது வியாபாரிகள் அதிருப்தி

Mohamed Dilsad

Leave a Comment