Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති චන්ද්‍රානි බණ්ඩාරට අධිචෝදනා

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (6) අධි චෝදනා භාර දී තිබේ.

චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්. එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් ඇයට අධිචෝදනා භාරදීම සිදුවිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද යටතේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවූ අතර පසුව විත්තිකාරිය රුපියල් ලක්ෂ 10  බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීම සිදුවිය.

Related posts

State Literary Awards Ceremony under President’s patronage

Mohamed Dilsad

2018 Local Government Election – Hambantota – Tangalle

Mohamed Dilsad

උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභී රැකියා පත්වීම්ලාභීන් සේවයට වාර්තා කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment