Trending Newsඑසැන පුවත්දේශීය

මර්වින් සිල්වා ඇප මත මුදාහරී

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ මහතා ඉකුත් මාර්තු මස දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය  මර්වින් සිල්වා මහතාට අද (6) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබේ.

Related posts

නඩු තාවකාලිකව කල් දැමීමට නීතිපතිගෙන් අගවිනිසුරුට ඉල්ලීමක්

Mohamed Dilsad

Rishad denies any links with Tawheed Jamat terrorists

Mohamed Dilsad

වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment