Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමට දින නියම කරයි.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අ්‍භියාචනයක් ජූනි මස 16 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (05) දින නියම කළේය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින්, අමාත්‍යවරයා විසින් මෙම ඇපෑල ඉදිරිපත් කර තිබුණි .

මෙම ඇපෑල අද මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද දින නඩු විභාග කටයුතුවලට නොපැමිණි හෙයින් එම ඇපෑල පිළිබඳ විභාගය ජුනි මස 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩූල්ල නියෝග කර ඇත.

Related posts

க.பொ.த.சாதாரண தர செயன்முறை பரீட்சை இன்று ஆரம்பம்

Mohamed Dilsad

අද විදුලි කප්පාදු කාලසටහන

Mohamed Dilsad

சமூக ஊடக வலைதளங்களுக்கு புதிய சட்டமூல வரைபு

Mohamed Dilsad

Leave a Comment