Trending Newsඑසැන පුවත්දේශීය

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිණිය ඇප මත මුදා හරී

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගනු ලැබූ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය ඇප මත මුදාහැර තිබේ.

2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව කටයුතුවලට වියදම් කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

ඇයව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර  අධ්‍යක්ෂිකාව අධිකරණය හමුවේ කරුණු දක්වමින්
මෙම සැකකාරිය මෙම ප්‍රශ්නගත ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කරමින් නිසි ක්‍රමවේදයන්වලින් බැහැරව මුදල් වෙන්කර තිබෙන බව විමර්ශන වලින් අණාවරණය වි ඇතැයි සඳහන් කළාය.

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බව ඇය අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය ඇපමත හැරීමට නියම කළාය. නඩුව ජුනි මස 24 දින යළි කැඳවීමටද නියම විය.

Related posts

Yemen, UN chief seek peace talks with Houthis

Mohamed Dilsad

Virat Kohli’s masterful 149 rescues India against England

Mohamed Dilsad

මංගලගේ අභාවය පිළිබඳව විපක්ෂ නායකයා ශෝකය පළකරයි

Mohamed Dilsad

Leave a Comment