දේශීය

නඩු තාවකාලිකව කල් දැමීමට නීතිපතිගෙන් අගවිනිසුරුට ඉල්ලීමක්

(UTV |කොළඹ ) – රට තුළ පවතින තත්වය සැළකිල්ලට ගෙන ඉදිරි දින 2 තුළ කොළඹ මහාධිකරණය ඇතුලු මහාධිකරණවල පැවැත්වීමට නියමිත සියලු නඩු කටයුතු අත්හිටුවන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරි දින 2 තුළදී බරපතල මත්ද්‍රව්‍ය නඩු සම්බන්ධ ඇප ඉල්ලීම් මෝසම් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුලු අධිකරණ කටයුතු රැසක් නියමිතව ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිපියක් යොමුකරමින් නීතිපතිවරයා පෙන්වා දෙයි.

මීට සහභාගීවීමට විනිසුරුවරුන් , නීතීඥයන් , පොලිස් නිළධාරීන් ඇතුලු පාර්ශව රැසක් අධිකරණ භූමි වෙත පැමිණීමට නියමිත බැවින් සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති පරිදි කොවිඞ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉදිරි දින 2 ට අදාළ නඩු කටයුතු කල් දමන ලෙසට නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.

Related posts

සම්පායෝගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

පොලිස් සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත් විශේෂ දීමනාවක්

Mohamed Dilsad

වැලිගම සභාවේ, සජබ පුරප්පාඩුවට සමීර ධනුෂ්ක මහතාගේ නම ගැසට් කරයි

Editor O

Leave a Comment