Trending Newsඑසැන පුවත්දේශීය

දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙස ලී ජේ-මියුන්ග් දිවුරුම් දෙයි.

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කළේය. ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවය.

ප්‍රකාශිත ඡන්දවලින්  49.31%ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත්වුණි. ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබීය. ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය  41.30%කි.

Related posts

Creators tease Sony’s planned Spider-verse

Mohamed Dilsad

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Editor O

உயிர்த்த ஞாயிறு தாக்குதல் – 23 கோடி ரூபா இழப்பீடு

Mohamed Dilsad

Leave a Comment