Trending Newsඑසැන පුවත්දේශීය

බොරතෙල් මිල අඩුවෙලා.. මෙහේ මිල අඩු කළේ නෑ.. ඒ සල්ලි යන්නෙ කාගෙ සාක්කුවටද..? – මරික්කාර්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙලා තියෙද්දි මෙරට තෙල් මිල අඩු කර නැති බවත් දැන් ඒ මුදල යන්නේ කාගේ සාක්කුවටදැයි හෙලි කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ මාසයේ තෙල් මිල සංශෝධනයක් වෙලා නැහැ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙලා තියෙද්දි මේගොල්ලෝ තෙල් මිල අඩු කරලා නැහැ. හැබැයි ඉස්සර නම් කිව්වේ, මෙයාගේ සාක්කුවට යනවා, අරයා කොමිස් ගහනවා, ණය ගෙවන්න මහ බැංකුවට හැම තෙල් ලීටරයකින්ම රුපියල් පනහක් යනවා, අපි ආපු ගමන් ඒක අයින් කරලා මෙච්චර ගානකට දෙනවා , මේවා සිද්ධ වෙලා තියෙන්නේ වංචා දූෂණ නිසා කියලා, එහෙනම් වංචා දූෂණ නැති ආණ්ඩුවක් යටතේ, ලෝක වෙලදපොලේ තෙල් මිල අඩුවෙලා තියෙන අවස්ථාවක, තෙල් මිල අඩු කරන්න බැරි හේතුව මොකක්ද?

එහෙනම් ඒගොල්ලන්ගේ කාලෙත් වංචා දූෂණ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් කාගේ හරි සාක්කුවකට සල්ලි යනවද? එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවට තරහක් තියෙනවා ජනතාවත් එක්ක පළාත් පාලන ඡන්දයේදී ආණ්ඩුවට ඡන්දය දුන්නේ නැහැ කියලා. ආණ්ඩුවට පෙර පොරොන්දු වුණ පරිදි වැඩ කිරීම ආණ්ඩුවේ වගකීමක්.

විදුලි බිල 18% පමණ වැඩි කරන්න යනවා, තෙල් මිල අඩු කරන්නේ නැහැ,බදු අඩු වෙන්නේ නැහැ , බඩු මිල අඩු වෙන්නෙ නෑ. නමුත් ජනාධිපතිවරණයට කලින් කිව්වේ විදුලි බිල තුනෙන් දෙකකට අඩු කරනවා කියලා. මා බැංකුවට යන රුපියල් පනහ තෙල් මිලෙන් අඩු කරනවා කියලා කිව්වා, ඒ විතරක් නෙවෙයි ඉන් ඔබ්බට ගිහිල්ලා ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය කියන අංශ තුනෙන් බදු සහමුලින්ම අයින් කරනවා කියලා කිව්වා. කෝ කලාද?

දිගින් දිගටම මේ ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින්, නිසිකලට සැලසුම් හදලා වැඩ කිරීමේ නොහැකියාව , අකාර්යක්ෂමතාවය පෙන්නුම් කරමින් ඉන්නවා

Related posts

Sri Lanka attacks officially condemned by New Zealand Parliament [VIDEO]

Mohamed Dilsad

Storms bring earthslips, 8 deaths, 4 missing

Mohamed Dilsad

சம்பளம் செலுத்த முடியாத நிலை-அரச சேவைகள் அதிகாரிகள் சங்கம் எச்சரிக்கை

Mohamed Dilsad

Leave a Comment