Trending Newsඑසැන පුවත්දේශීය

පොල් මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ – පොල් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ

මේ වන විට පොල් අස්වැන්නේ වැඩිවීමක් වාර්තා වෙමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සරත් ඉදිරිසිංහ මහතා පවසයි. පොල් අස්වැන්නේ වැඩිවීමක් වාර්තා වුවත් පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පොල් භාවිතය ඉහළ යෑම නිසා වෙළෙඳපොළේ මිල අඩු වීමක් දක්නට නැතැයි ද ඒ මහතා කීය.

විශේෂයෙන් පොල් පිටි, කිරි පැකට් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් මෙරට පොල් ඵලදාව යොදාගන්නා බවත් පොල් නිෂ්පාදනය වැඩි ඉන්දුනීසියාව ඇතුළු අනෙකුත් රට වලද ඵලදාව අඩු වී ඇති බවත් ඒ මහතා කීය.

කර්මාන්ත සඳහා භාවිත කරන පොල් කැබලි ඇතුළු ඒ ආශ්‍රිත ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මේ වන විට අනුමැතිය දී ඇතත් මෙතෙක් ඒවා රටට ගෙන්වා නැති බවද ඒ මහතා කියා සිටියේය.

Related posts

தேங்காய் தொழிற்சாலை ஒன்றில் திடீர் தீப்பரவல்

Mohamed Dilsad

புதிய அரசியற் கட்சிகளுக்கான நேர்முகத்தேர்வின் அடுத்த கட்டம் ஆரம்பம்

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

Leave a Comment