Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රාඩෝ ලක්ෂ 50යි, බීඑම්ඩබ්ලිව් ලක්ෂ 50යි. වාහන 12ම ලක්ෂ 280යි. උතුරු මැද පළාත් සභාවේ පසුගිය අප්‍රේල් මාසයේ සැප වාහන වෙන්දේසියක්.

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ කැදවුම්කරු, ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අදාළ වෙන්දේසියේදී අති සුඛෝපභෝගී වාහන 12ක් රුපියල් මිලියන 28ක මුදලකට අළෙවි කර ඇති බවයි.

ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය. ‘උතුරු මැද පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු භාවිතා කරපු වාහන විසිදෙකක් පහුගිය දවස්වල රහසිගතව ටෙන්ඩර් කැදවලා ටෙන්ඩර් කරන්න කටයුතු කරල තියෙනව.

වාහන විසි දෙකෙන් වාහන දොළහක් ටෙන්ඩර් පිරිනමල තියෙනවා. මේ වාහන 12 අතර තියෙනවා විශේෂයෙන්ම හිටපු මහ ඇමතිවරයා භාවිතා කරපු බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් තියෙනවා. ඒ වගේම ප‍්‍රාඩෝ වාහන තුනක් තියෙනවා. විශේෂයෙන්ම බීඑම්ඩබ්ලිව් වාහනය නිශ්පාදන වර්ෂය 2014 නිෂ්පාදනය.

වර්තමාන වෙළඳපොළ වටිනාකම අපි හොයලා බැලුවා කෝටි තුන හමාරකට ආසන්නයි. ඒ වගේම තමයි ප්‍රාඩෝ තුනක්. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයක්. ඒ වගේම මිට්ෂුබිෂි පෙජරෝ වර්ගයේ වාහන කිහිපයක් ඇතුළු වහන 12හක් තමයි වෙන්දේසි කරල තියෙන්නෙ. වාහන 12ම මිලියන 28කට වාහන දොළහක් දීලා තියෙනව.

මේක ප්‍රසිද්ධ කරේ නෑ. පැහැදිලිවම මේක අපි හොයලා බැලූව මේ ප‍්‍රාඩෝ එකක වර්තමාන වෙළඳපොළ වටිනාකම කෝටි දෙකකටත් එහා විකුණල තියෙන්නේ ලක්ෂ පනහකටත් අඩු මිලකට තමයි මේ ප‍්‍රාඩෝ එකක් විකුණලා තියෙන්නේ. මහ ඇමතිවරයා පාවිච්චි කරපු පසු ආණ්ඩුකාරවරයෙක් පාවිච්චි කරපු බීඑම්ඩබ්ලිව් වාහනය ලක්‍ෂ පනහකට අඩු මිලකට විකුණල තියෙන්නේ.

මේවා ඊට වඩා කරන්න පුළුවන්ත ඒ කියන්නේ මිලියන සීයකට එහා අලෙවි කරන්න පුළුවන් වහන ප්‍රමාණයක් දැන් අලෙවි කරලා තියෙන්නේ කීයද මිලියන 28කට. තව තියෙනවා මෙතන වාහන දහයක්. ඒ වහන දහයත් අඩුවෙන් තක්සේරු කරලා විකුණන්න සූදානමක් තියෙනව.

ඒ හින්ද මේත මගඩියක් හොරකමක් ජාවාරමක්’

මේ සම්න්ධයෙන් උතුරු මැද පළාත් සභා ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය අප්‍රේල් මාසයේදී අදාළ වාහන වෙන්දේසි කළ අතර එහිදී එම වාහන පළමු තක්සේරුවට වඩා වැඩි අගයකට වෙන්දේසි වූ බවයි. එක් වාහනයක් පමණක් පළමු තක්සේරුවට වඩා අඩු අගයකට වෙන්දේසි වූ බවද අදාළ වාහන වෙන්දේසි කිරීමෙන් ලැබුණු මුදල සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බවත්ය.

Related posts

சந்தேக நபரை இனங்காண பொலிசார் உதவி கோருகின்றனர்

Mohamed Dilsad

නීතීඥයාට පහරදුන් පොලිස් කොස්තාපල්ට ඇප

Editor O

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

Mohamed Dilsad

Leave a Comment