Trending Newsඑසැන පුවත්දේශීය

ඩෙංගු හා චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයට පත්වෙලා

ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ මෙම රෝග දෙකම බෝ කරනු ලබන්නේ එකම මදුරුවාගෙන් බවය. වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේ රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේ දී බොහෝදුරට සමානයි බවය.

මේ අතර අද පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවය. පවතින අධික වර්ෂාවත් සමඟ මේවන විට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරෙන් පසු චිකුන්ගුන්යා රෝගීන්ද වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි. උද්ගත වී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද අද අවධානය යොමුවුණි.

Related posts

Close Trump aide and White House communications chief resigns

Mohamed Dilsad

තැපැල් සේවක වර්ජනය අවසන්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment