Trending News

තැපැල් සේවක වර්ජනය අවසන්

(උදයම්,කොළඹ)  – තැපැල් සේවකයින් ගෙන ගිය වැඩ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් කෙරුණි.

රජය විසින් ප්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබාදීමේ සූදානමක් ඇති බව පවසමින් ඊට විරෝධය පල කර ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේදීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ අගමැති ලේකම් කාර්යාලයේදී පැවැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 26 වැනිදා මෙම ගැටළුවට විසඳුම් නොලැබුණ හොත් සමස්ථ තැපැල් දෙපාර්තමේන්තුවම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද ඔහු පැවසීය.

මේ අතර දෙදින තැපැල් වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි රැසක් ගොඩගැසී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා කියා සිටියේය.

කෙසේවෙතත් ලිපි බෙදා හැරීමේ කටයුතු අද (15) දිනයේ වඩාත් කාර්යක්ෂමව සිදු කරන බව තැපැල්පතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

Related posts

SP Ruwan Gunasekara appointed Police Spokesperson

Mohamed Dilsad

இலங்கை, சிம்பாப்வே அணிகளுக்கு இடையிலான 4 ஆம் நாள் ஆட்டம் இன்று

Mohamed Dilsad

ஹவாய் பகுதியில் வெடித்து சிதறிய கிலுயுயே எரிமலை

Mohamed Dilsad

Leave a Comment