Trending News

ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතුයි – ජනපති

(උදයම්,කොළඹ)  –  සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්‍ය මාධ්‍ය පෙරමුණ ගත යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ 38 වන සංවත්සරයට සමගාමීව එහි නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) පෙරවරුවේ එක් වෙමිනි.

මෙරට රාජ්‍ය මාධ්‍ය, ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිත කළ අවස්ථාවක් ලෙස සැළකිය හැක්කේ තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව බව ද  මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එදා තමන් වෙත එල්ලවූ අපවාද කිසිදු ජාතික දේශපාලනඥයෙකු හෝ කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙකු වෙත එල්ල වී නොමැති බව ද කියා සිටියේය.

වසරින් වසර ඉදිරියට යන පරිණතභාවය වෙනුවට මීට වසර දෙක හමාරකට පෙර මහත් පරිහානියකට මෙරට රාජ්‍ය මාධ්‍ය පත් වූ අතර, එවන් ආකාරයේ පහත් මාධ්‍ය භාවිතයක් අනාගතයේදී රට තුළ සිදු නොවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එදා එවන් නින්දා හා අපහාස තමන් වෙත එල්ල කළේ දුප්පත් පුංචි පවුලක මිනිසෙක් වූ තමා දැවැන්තයින් කියා ගන්නා අයට එදා ද විශාල අභියෝගයක් වූ නිසා බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධුරයට පත්වූයේ තම පවුලේ කිසිවෙකු ජනාධිපති ධුරයට හෝ අගමැති ධූරයට ගෙන ඒමට නොවන අතර ඉදිරියටත් සියලු අභියෝගවලට මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කරන බව  අවධාරණය කළේය.

යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කළ හැක්කේ යහපත් මාධ්‍ය ව්‍යාපාරයක් තුළින් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා නිදහස් මාධ්‍යයක යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට සියලු මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්, කළමනාකාරිත්වයන් මෙන්ම ජනමාධ්‍යවේදින් ද ඉදිරියේදී කැපවිය යුතු බව ප‍්‍රකාශ කළේය.

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ මහල් 05 කින් යුත් නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

දකුණු ආසියාවේ ප‍්‍රථම වර්ණ රූපවාහිනි සේවය වන ස්වාධීන රූපවාහිනියේ කෞතුක භාණ්ඩ ඇතුළත් කෞතුගාරය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මාධ්‍ය ආයතනයේ බාහිර විකාශන රථය මෙන්ම නව මැදිරි සංකීර්ණය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

Related posts

சிறுபான்மையினருக்கு ஜனாதிபதி தேர்தல் ஒரு பலப்பரீட்சை – வாக்குகளை சரியாக பயன்படுத்துங்கள் – அமைச்சர் றிஷாட்

Mohamed Dilsad

சர்வதேச விண்வெளி மையத்தில் இடம்பெற்ற பெட்மின்டன் போட்டி

Mohamed Dilsad

Sri Lankan Court extends remand of five Indian fishermen till June 19

Mohamed Dilsad

Leave a Comment