Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ඔලුවට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද ඔවුන් සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකුරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නාරාහේන්පිට පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරේ

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

ஆனந்தசுதாகரின் விடுதலையை கோரி கிளிநொச்சி மகாவித்தியாலய மாணவர்கள், ஆசிரியர்கள் கருணை மகஜர்

Mohamed Dilsad

Leave a Comment