Trending Newsඑසැන පුවත්දේශීය

අත්අඩංගුවට ගැනීමට නියමිත හිටපු ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් ගැන විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්

තමා ඇතුළුව හිටපු දේශපාලකයින් 40ක් අත් අඩංගුවට ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  අල්ලස් කොමිසමට ලැයිස්තුවක් සකස් කර දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, මෙලෙස හිටපු ඇමතිවරුන් පිළිබඳව ක්‍රියාත්මක වීමට එක්තරා ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනාධිපති කාර්යාලය වෙත ගොස් ඒ සඳහා උපදෙස් ලබා ගන්නා බවයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයින්ගේ ලැයිස්තුව නිර්මාණය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවත් එම ලැයිස්තුවට මේ වන විට අත්ඩංගුවේ පසුවන මහින්දානන්ද අලුත්ගමගේ මෙන්ම, කංචන විජේසේකර, රමේෂ් පතිරණ යන හිටපු අමාත්‍යවරුන්ද ඇතුළත්ව ඇති බවද විමල් වීරවංශ මහතා කීවේය.

 “හිටපු ඇමතිවරු 40 දෙනෙකුගේ නම් එවලා තියෙනවා, තව ටික දවසකින් වාහන අංක වෙලාවල් ඔක්කොමත් එක්ක දාන්නම්. ඔය පිළිබඳව ක්‍රියාත්මක වන ආයතනයක අද්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට නිතර නිතර යනවා ගිහිල්ලා උපදෙස් ගන්නවා, 40 ලිස්ට් එක හැදෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්..එයා ගිහින් උපදෙස් ගන්නවා.

Related posts

බොඳ වූ දුමින්ද සිල්වාගේ ජනපති සමාව | නිකුත් වූ අධිකරණ තීන්දුව

Mohamed Dilsad

பன்றிக் காய்ச்சல் காரணமாக 226 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

இலங்கைக்கு சீன அரசாங்கம் விதித்திருந்த தடையில் தளர்வு

Mohamed Dilsad

Leave a Comment