Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ඔලුවට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද ඔවුන් සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකුරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නාරාහේන්පිට පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

அமெரிக்க கடற்படை கப்பல் ஒன்று ஹம்பாந்தோட்டை துறைமுகத்தில்

Mohamed Dilsad

විදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම්

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment