Trending Newsඑසැන පුවත්දේශීය

හෙළ නිළි රැජින අද දැයෙන් සමුගනී.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (26) සිදු කෙරෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථාවේ මේ වන විට තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය පෙ.ව. 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමටයි නියමිතව ඇත්තේ. ඉන්පසුව පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට කටයුතු යොදා තිබේ.

ප.ව. 3.30ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත මාලිනියගේ දේහය රැගෙන යාම සිදුවනු ඇති.

පසුව, බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සහ ඉන් අනතුරුව පැවිදි අනුශාසනාව සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳ කලාකරුවන් විසින් විශේෂ ඇගයීම සිදුකරනු ලබන අතර අවසානයේ දේහය ප.ව. 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමකිරීමට නියමිතව තිබෙනවා.

Related posts

පොදු ප්‍රවාහනයට බාධා එල්ල කරනු ලබන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

தொலைபேசி உரையாடலில் இருப்பது நாலக சில்வா மற்றும் நாமல் குமாரவின் குரல் என்பது உறுதியானது

Mohamed Dilsad

ஒரு கிலோ பெரிய வெங்காயத்தை 80 ரூபா விலையின் கீழ் கொள்வனவு…

Mohamed Dilsad

Leave a Comment