Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා හෙට (27) මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව මැතිවරණය සඳහා තරග වැදුනු සියලු අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව තම මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කළ යුතුය. අදාළ වාර්තා අපේක්ෂකයින් තරග කළ පළාත් පාලන ආයතනවල තෙරීම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතුයි.

අපේක්ෂකයින් විසින් ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර ඊට අදාළව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකූළව නීත්‍යානුකූලව කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

වැඩබලන පොලිස්පතිට නොතීසි

Mohamed Dilsad

“Sri Lanka is a strong supporter of the UPR process” – Ambassador Aryasinha

Mohamed Dilsad

அமெரிக்க தேசிய பாதுகாப்பு ஆலோசகர் பணி நீக்கம்

Mohamed Dilsad

Leave a Comment