Trending Newsඑසැන පුවත්දේශීය

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට මාරු කරයි.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු  බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක මහතා සඳහන් කළේය.

T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා මැගසීන් බන්ධනාගාරයට ඇතුළත් කෙරුණු අතර ඔහුට ප්‍රථිකාර ලබා දියයුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ ලේලිය T56 වර්ගයේ රන් හා රිදී ආලේපිත ගිනිඅවියක් සමග වැල්ලවත්ත පොලිසිය මගින් පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගෙන තිබුණි.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ සේවය කළ අරක්කැමියෙක් මීට මාස 6කට පමණ පෙර මෙම ගිනිඅවිය තමන්ට ලබාදුන් බවයි ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව අදාළ අරක්කැමියාද රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබූ බව සඳහන්ය.

සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසුවේ දුමින්ද දිසානායක යන අය විසින් අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී ගිනිඅවිය තිබූ පාර්සලය යළි දැනුම් දෙනතුරු ඇය සන්තකයේ තබාගන්නා ලෙස දැනුම් දී ඇති බව කියා සිටියේය.

මෙම ගිනිඅවිය සැකකාර දුමින්ද දිසානායක මහතාගේ පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ගිනිඅවියක් වන අතර ඊට බලපත්‍රයක් ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම නිලධාරීන් පෙන්වා දුනි.

Related posts

President Maithripala Sirisena denies he was informed about Easter attacks in advance – [PHOTOS]

Mohamed Dilsad

மாணவர்களை போதைப்பொருள் பாவனையில் இருந்து காப்பற்ற பெற்றோர்களின் உதவி தேவை

Mohamed Dilsad

Gazette issued for Armed Forces to maintain public order

Mohamed Dilsad

Leave a Comment