Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න විපක්ෂ කණ්ඩායම් සමග ජනාධිපති අනුර රහස් සාකච්ඡාවල

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙන විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමින් ඇත. 

විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත් තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඒ එම සභිකයන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීම සඳහාය. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කීරීමටත් එසේම ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බව සඳහන් වේ.

(දේශය)

Related posts

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදන: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අනතුරු ඇඟවීම්

Editor O

National Policy on Health Information launched

Mohamed Dilsad

Leave a Comment