Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක අත්සන් කරයි.

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (23) සිය සහතිකය සටහන් කළේය. විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අදාළව අද පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.05.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 6 දරන විදේශ ණය (ඉවත් කිරීමේ) පනත වශයෙන් බලාත්මක වේ.

Related posts

Speaker to summon Party Leaders’ meeting today

Mohamed Dilsad

Gotabaya Rajapaksa hints at an entry into politics

Mohamed Dilsad

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment