Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා රෝහල්වල ඖෂධ වර්ග 180ක හිඟයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ වන විට රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇති බවත් ඖෂධ වර්ග 180ක හිඟයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

සුනඛ ගහනය පාලනය ගැන කිව්වත්, ඖෂධ හිඟය ගැන හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන කිව්වත් ආණ්ඩුවට අද පිළිතුරු නැතැයි ද හෙතෙම කීවේය. මේ වන විට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනයට රජයේ උනන්දුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව හා හොංකොං යන රටවල LP 8.1 යන කොවිඩ් අනු ප්‍රභේදයක් පැතිරෙන බවත් මේ අනු ප්‍රභේදය ගැන අප රටේ පරීක්ෂණ ක්‍රියාත්මක නොවන බවත් මේ අනු ප්‍රභේදය ගැන පරීක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත්, රෝහල්වල රෝග ලක්ෂණ පෙන්වන අය පරීක්ෂා කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම චිකන් ගුන්යා රෝගයේ බෝවීම නිසා බරපතළ ගැටලු මතුව ඇති බවත් අවම වශයෙන් සති 6ක් දක්වා ප්‍රතිකාර ගත යුතු බවත් මේ රෝගයේ පැතිරීමේ සම්භාවිතාව වැඩිව ඇති බවත් ඒ නිසා මේ ගැන ද පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

-දිවයින-

Related posts

குழந்தைகளை கொல்ல இணையத்தில் வழி தேடிய தாய்…

Mohamed Dilsad

“Batman: Mask of the Phantasm” comes to Blu-ray

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

Leave a Comment