දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සම්මේලනය ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තුන්වන දිනටත් අද ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යාමටයි ඔවුන් පියවර ගත්තේ.

මේ අතර මේ සදහා ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනම් විසදුම් ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බව නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ.

කෙසේ නමුත් මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට පැමිණෙන ජනතාව මහත් පීඩාවට පත්වූ අවස්ථා රැසක් මේ දින කිහිපයේදීම දක්නට ලැබුණා.

Related posts

කොරෝනා මරණ තවත් ඉහළ යයි

Mohamed Dilsad

කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි

Mohamed Dilsad

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment