Trending Newsඑසැන පුවත්දේශීය

සේවක අර්ථසාධක ගෙවීම් දින තුනකට නවතී.

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවය.

කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම  සහ බී කාඩ් සංශෝධනය කිරීම දිවයිනපුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව අත්හිටුවනු ඇත.

අදාළ සේවාවන් ලබා ගැනීමට 011 2201201 දුරකථන අංකය මඟින් දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ප්‍රතිඵළ නිකුත් වූ පළාත් පාලන ආයතන 268කින් 103 ක බහුතරය මාලිමාවට

Editor O

திங்களன்று சில பாடசாலைகளுக்கு விடுமுறை

Mohamed Dilsad

சில மாவட்டங்களில் உள்ள பாடசாலைகளுக்கு விடுமுறை

Mohamed Dilsad

Leave a Comment