Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රතිඵළ නිකුත් වූ පළාත් පාලන ආයතන 268කින් 103 ක බහුතරය මාලිමාවට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි. තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂය සහ ජාතික ජන බලවේගය එකහා සමාන මට්ටමක පසුවෙයි.

කෙසේවෙතත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටයි. මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති. පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති හා උප සභාපති නම්කර එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙනු ලබයි.

එහෙත් එසේ බලයක් නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කරගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින්ගේ එකඟතාවයෙන් සිදුකරන බව සඳහන් වෙයි

Related posts

Anura Senanayake granted bail in Thajudeen case

Mohamed Dilsad

Sri Lanka considering to settle Iran oil due payments with tea exports

Mohamed Dilsad

මධ්‍ය තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු තාවකාලිකව නවතියි

Mohamed Dilsad

Leave a Comment