Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් රහස් රැක්කෙ නැතැයි කොස්තාපල් ගේ වැඩ තහනම්

පොලිස්පති නියෝග ඇතුළත් චක්‍රලේඛ පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් වෙත වට්ස්ඇප් සමූහයක් ඔස්සේ යොමු කළ බව කියන පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අයත් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

අදාළ කොස්තාපල්වරයා උසස් නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව ඔහුගේ පෞද්ගලික දුරකථනය යොදාගෙන CRTM / RTM messege No 3 නමින් වට්ස්ඇප් සමූහයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ගෙන් කිහිපදෙනකු පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා පොලිසියේ රාහස්‍යභාවය ආරක්ෂා නොකරමින් පොලිස් නිලධාරීන් පමණක් දැන ගත යුතු කරුණු පිටස්තර පුද්ගලයන් දැනුවත් වෙන අයුරින් කටයුතු කරමින් වගකීමකින් තොරව, විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම වැඩ තහනම සිදුකර තිබේ.

Related posts

Russian exiles contacted over safety after tycoon murder

Mohamed Dilsad

Railway trade unions Strike called off

Mohamed Dilsad

போதைப்பொருள் குற்ற வழக்குகளை விசாரிக்க வேறு நீதிமன்றம்?

Mohamed Dilsad

Leave a Comment