Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් රහස් රැක්කෙ නැතැයි කොස්තාපල් ගේ වැඩ තහනම්

පොලිස්පති නියෝග ඇතුළත් චක්‍රලේඛ පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් වෙත වට්ස්ඇප් සමූහයක් ඔස්සේ යොමු කළ බව කියන පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අයත් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර තිබේ.

අදාළ කොස්තාපල්වරයා උසස් නිලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව ඔහුගේ පෞද්ගලික දුරකථනය යොදාගෙන CRTM / RTM messege No 3 නමින් වට්ස්ඇප් සමූහයක් පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ගෙන් කිහිපදෙනකු පොලිසියේ නොවන වෙනත් පාර්ශ්වයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා පොලිසියේ රාහස්‍යභාවය ආරක්ෂා නොකරමින් පොලිස් නිලධාරීන් පමණක් දැන ගත යුතු කරුණු පිටස්තර පුද්ගලයන් දැනුවත් වෙන අයුරින් කටයුතු කරමින් වගකීමකින් තොරව, විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එම වැඩ තහනම සිදුකර තිබේ.

Related posts

‘සයිකල් සිකුරාදා’ වැඩසටහනක් ඇරඹේ

Mohamed Dilsad

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

Mohamed Dilsad

ஜூம்ஆவுக்கான விசேட லீவு வசதியை கண்டிப்பாக அமுல்செய்ய நடவடிக்கை அமைச்சர் ரிஷாட் பதியுதீன்

Mohamed Dilsad

Leave a Comment