Trending Newsඑසැන පුවත්දේශීය

පොහොර වංචාවකට 12ක් අත්අඩංගුවට

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක පසුගිය 13 වනදා සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගෙන සිදුකර තිබෙනවා.

එහිදී ඇමෝනියා පොහොර කූඨ ලෙස යූරියා පොහොර ලෙස ඇසුරුම් කර වැඩි මිලට ගොවියන් වෙත අලෙවි කර වංචා කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමණාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැකකරුවන් අවුරුදු 23 ත් 53 අතර වයස්වල පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාරු කිරීමට ගෙනවිත් තිබූ පොහොර මිටි 1,565 ක් පොහොර ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථ 05 ක් හා විවිධ ආයතන වල පොහොර හිස් කවර 13,585 ක් එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Related posts

புடிச்சிருக்கா இல்ல புடிக்கலயா பாடல் வீடியோ-கலகலப்பு 2

Mohamed Dilsad

கோட்டாபய ஜனாதிபதித் தேர்தலில் தோல்வியுற்றால் நான் மீண்டும் அமெரிக்காவுக்கே சென்று விடுவேன் [VIDEO]

Mohamed Dilsad

பத்தரமுல்லை பகுதியில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

Leave a Comment