Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ ගතවූ කාලය කුළ 965 දෙනෙක් මාර්ග අනතුරුවලින් ජීවිතක්ෂයට

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවයි.

එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ අනතුරුව 1,842ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළා. අපරික්ෂාකාරී ධාවනය , බිමත්ව රිය ධාවනය සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරම අනතුරු රැසකට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් පොලීසිය විසින්  දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Related posts

Trump pushes for ban on gun ‘bump stocks’

Mohamed Dilsad

Reconstruction of ancient ‘Gini Petti Palama’ commences

Mohamed Dilsad

මගේ ප්‍රකාශය, පොලීසිය විකෘති කරලා – විමල් වීරවංශ

Editor O

Leave a Comment