Trending Newsඑසැන පුවත්දේශීය

වෙසක් පෝයෙන් පසු 33%ක ට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ ට…?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂමට ලබන සතිය තුළ යැවීමට සැලැසුම්කර ඇති බව වාර්තා වේ.

මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33% කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය. එය ඉටුකිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344 කින් යුත් ණය වාරිකය නිදහස් කිරීම ද පමා වී තිබේ.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර දෙකයි

Mohamed Dilsad

ரமழான் காலத்தில் முஸ்லிம் அரச ஊழியர்களுக்கான விசேட விடுமுறை சுற்றறிக்கை

Mohamed Dilsad

Hutch and Etisalat agree to merge their operations in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment