Trending Newsඑසැන පුවත්දේශීය

පළමු මාස 03 රටේ ආදායම ට්‍රිලියනයයි : වියදම ට්‍රිලියන එකහමාරයි

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45 කට නොඅඩු කාලයක් තුළදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.

එම විධිවිධාන පරිදි 2025-03-31 දිනෙන් අවසන් වන 2025 වර්ෂයේ පළමුවන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය 2025-05-15 දින හෝ ඊට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ 2025 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල දක්වා ඇති වර්ගී කරණයන් මත පදනම්ව 2025-01-01 දින සිට 2025-03-31 දින දක්වා වන 2025 වර්ෂයේ පළමුවන කාර්තුවට අදාළ සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තා කරන ලද පහත සඳහන් සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්යසාධනය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

Related posts

Windy condition expected over several areas today

Mohamed Dilsad

ஹட்டனில் ஐ.தே.க ஆதரவாளர்கள் பட்டாசுகொழுத்தி கொண்டாட்டம் …

Mohamed Dilsad

இலங்கையில் முதல் முறையாக அரசினால் லோயல்டி அட்டை நாளை அறிமுகம்

Mohamed Dilsad

Leave a Comment