Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රීවරු අතපල්ලෙන් වැටිලා නැහැ : තක්කඩි වෙන්න එපා – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතාව සභාගර්භයෙන් ඉවත් කිරීමට ඊයේ (08) විවාදය අතරතුර මුලාසනාරූඪ මන්ත්‍රීවරයා කටයුතු කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ආණ්ඩුවට සිය විරෝධය පළකර සිටියේය.

අර්ජුනා මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුමත නොකළද යෝජනාවක් සම්මත කර මන්ත්‍රීවරයෙක් එළියට දැමිය යුතුව තිබුණද එලෙස යෝජනාවක් සම්මත නොවී ආණ්ඩු පාර්ශවයේ බලය පාවිච්චි කර අර්ජුනා මන්ත්‍රීවරයාව එළියට දැමීම අනුමත නොකරන බවයි විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

විජේසිරි මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. ”හෙට අනිද්දට ඕක අපිට කරයි. එහෙම කරන්න දෙන්න බැහැ. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වෙලා තමයි මන්ත්‍රීවරයෙක් එළියට දාන්න ඕනේ. එයාගේ හැසිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඇයි මේ?මොකක්ද මේ අසීමිත බලය. ඔයාල එහෙමද ආවේ? තක්කඩි වෙන්න එපා. ස්ථාවර නියෝගවලින් බැහැර වෙලා ඒ විදිහට කටයුතු කරන්න එපා. මන්ත්‍රීවරු අතපල්ලෙන් වැටිලා නැහැ. ජන්දේ ඉල්ලලා ඇවිත් තියෙන්නේ.” යැයි ද කීවේය.

Related posts

පළාත් සභා මැතිවරණයද කඩිනමින්

Mohamed Dilsad

Ryan Van Rooyan further remanded

Mohamed Dilsad

சட்டவிரோதமாக நியுசிலாந்து செல்ல முற்பட்டவர்கள் நீர்கொழும்பில் கைது

Mohamed Dilsad

Leave a Comment