Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට එජාපය සූදානම් – එජාප මහ ලේකම් තලතා අතුකෝරළ

පළාත් පාලන ඡන්ද විමසීමේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය සහ ඒ පිළිබඳ තීරණය කිරීම සඳහා සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තෙන් සිටින බව එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇ‍ය පවසා සිටියේ, ඒ සඳහා සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි. ජාතික ජන බලවේගය දිගින් දිගටම ජනතාව රවටා ඇති බැවින් සිය පක්ෂයේ අභිප්‍රාය වන්නේ ඔවුන් බලයෙන් නෙරපාහැරීම බව ද ඇය පැවසුවාය.

එමෙන්ම සමගි ජනබලවේගය සමඟ කටයුතු කිරීමට සැමවිටම සූදානම්ව සිටි ඇය සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනත් එම පක්ෂය සමග මීට පෙර ද සාකච්ඡා කළ බැවින් එම සාකච්ඡා යළි ආරම්භ කළ හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

අරලියගහ මන්දිරයේ රාජකාරියේ සිටි STF සෙබලෙක් දිවි නසාගනී…

Mohamed Dilsad

இலங்கை விடயங்களை உன்னிப்பாக அவதானிக்கும் நாடு?

Mohamed Dilsad

Macron pension reform: France paralysed by biggest national strike in years

Mohamed Dilsad

Leave a Comment