Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගරාධිපති තනතුර සජබ ට, : විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

කොළඹ නගර සභාවේ බහුතරයක් මන්ත්‍රි ධුර විපක්ෂය නියෝජනය කරනු දේශපාලන පක්ෂ විසින් හිමිකරගෙන ඇති බැවින් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයකු සමග කොළඹ නගර සභාව පිහිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

මහලේකම්වරයා මේ බව පවසා සිටියේ ඊයේ (07 වැනිදා) මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවැසීය. කොළඹ නගර සභාවේ රජයට හතළිස් අටයි මන්ත්‍රි ධුර හම්බවෙලා තියෙන්නේ. ප්‍රතිශතයක් විදිහට සියයට හතළිස් ගාණක් ආණ්ඩුව හිමිකරගෙන තියෙන්නේ. නමුත් අපි ඇතුළු විපක්ෂයේ සියලුම කණ්ඩායම්වලට සියයට හැටකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එක්වෙලා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයකු පත්කරනවා. ප්‍රාදේශීය සභා කොට්ඨාස කිහිපයක විපක්ෂය විදිහට අපි වැඩි මන්ත්‍රි සංඛ්‍යාවක් හිමිකරගෙන තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විට සිදුකරනවා. ඒ නිසා විපක්ෂයට බලය තියෙන පළාත් පාලන ආයතන සියලේම බලය පිහිටුවීමට අපි කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂයත් සමග එක්ව කටයුතු කරන්න සිදුකරපු සාකච්ඡා අපි නවතලා තිබුණේ නෑ. ඒ නිසා එම සාකච්ඡාවලට පිවිසෙන්න ඒ ඔස්සේ ඉදිරියට යන්න ලැබෙන අවස්ථාවක් මේක. එළැඹෙන ජුනි මාසේ දෙවැනිදා තමයි පළාත් පාලන ආයතනවල රැස්වීම තියෙන්නේ. එදාට සියලු දෙනා එක්ව කටයුතු කරනවා.

Related posts

சதொச நிறுவனத்தின் முன்னாள் தலைவர் 12 ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Lanka won’t host next SAG without Pakistan’s mission – NOC president

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජව භාවිත කිරීමට අදාළව අගමැති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment